Posts

Showing posts from June, 2020

මන්දෝදරී හැදුන හැටි.

Image
රසාස්වාදන සංස්කෘතිය වෙනස් කළ මන්දෝදරී ගීතය හැදුනු හැටි. මන්දෝදරී  නිකරුනේ පෙල ගැසී ලියවුනු පද ගොන්නක එකතුවක් නොව.එය වසර ගණනක සිට සයිබර් අවකාශය පීරා සිදුකළ විද්යුත් සහ සාහිත්‍යමය පර්‍යෙශණයක එක් කුඩා සංශිප්තයක් පමණි. මෙම ගීතයේ සමස්තය ජනසෘතික මූලාශ්‍ර මූලිකව පරිකල්පනිකව නිර්මාණය කරන ලද්දක් වන අතර විවිධ ඓතිහාසික මත ධාරීන් අතර විවේචනයට ලක් විය හැකිය.නමුත් එහි කලාත්මක හරය ඉතා ගැඹුරු මෙන්ම ස්ත්‍රීවාදී සහ මනෝවිශ්ලේශණවාදී දුෂ්ඨියකින් යුතු වෙයි.සරලව පැවසීමේදී එය රාවණාගේ පීඩනයට පත් මනෝ චිත්තය මන්දෝදරී ඉදිරියේ විවරණය කිරීමකි. ආචාර්ය ගොඩකුඹුර ශූරීන් සඳහන් කරන පරිදි ‘ජනකතා’ පුරා විද්‍යාවේ ප්‍රධාන අංගයකි. රටක, පෙදෙසක හෝ ගමක වැසියන් අතර පවතින කතා අනුව ඇතැම් වැදගත් පුරාවෘත්ත සොයාගත හැකිය. මන්දෝදරී සහ රාවණ පිළිබඳව ඇති ඓතිහාසික සාක්ෂි සනාථ කිරීමට ප්‍රමාණවත් සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සුලභ නොවූව ද, රාවණ පුරාවත හා බැඳි බොහෝ ජනශ්‍රැතික මූලාශ්‍ර ලංකාව පුරා විවිධ ප්‍රදේශවල පැතිරී පවතී. මන්දෝදරී පිලිබඳව වැඩි විස්තර දැනගැනීමට මා විසින් roar media වෙත පළකරන ලද ලිපිය පරිශිලනය කරන්න.👇 රාවණාගේ ...