මන්දෝදරී හැදුන හැටි.

රසාස්වාදන සංස්කෘතිය වෙනස් කළ මන්දෝදරී ගීතය හැදුනු හැටි.

මන්දෝදරී  නිකරුනේ පෙල ගැසී ලියවුනු පද ගොන්නක එකතුවක් නොව.එය වසර ගණනක සිට සයිබර් අවකාශය පීරා සිදුකළ විද්යුත් සහ සාහිත්‍යමය පර්‍යෙශණයක එක් කුඩා සංශිප්තයක් පමණි.
මෙම ගීතයේ සමස්තය ජනසෘතික මූලාශ්‍ර මූලිකව පරිකල්පනිකව නිර්මාණය කරන ලද්දක් වන අතර විවිධ ඓතිහාසික මත ධාරීන් අතර විවේචනයට ලක් විය හැකිය.නමුත් එහි කලාත්මක හරය ඉතා ගැඹුරු මෙන්ම ස්ත්‍රීවාදී සහ මනෝවිශ්ලේශණවාදී දුෂ්ඨියකින් යුතු වෙයි.සරලව පැවසීමේදී එය රාවණාගේ පීඩනයට පත් මනෝ චිත්තය මන්දෝදරී ඉදිරියේ විවරණය කිරීමකි.
ආචාර්ය ගොඩකුඹුර ශූරීන් සඳහන් කරන පරිදි ‘ජනකතා’ පුරා විද්‍යාවේ ප්‍රධාන අංගයකි. රටක, පෙදෙසක හෝ ගමක වැසියන් අතර පවතින කතා අනුව ඇතැම් වැදගත් පුරාවෘත්ත සොයාගත හැකිය. මන්දෝදරී සහ රාවණ පිළිබඳව ඇති ඓතිහාසික සාක්ෂි සනාථ කිරීමට ප්‍රමාණවත් සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සුලභ නොවූව ද, රාවණ පුරාවත හා බැඳි බොහෝ ජනශ්‍රැතික මූලාශ්‍ර ලංකාව පුරා විවිධ ප්‍රදේශවල පැතිරී පවතී.
මන්දෝදරී පිලිබඳව වැඩි විස්තර දැනගැනීමට මා විසින් roar media වෙත පළකරන ලද ලිපිය පරිශිලනය කරන්න.👇
රාවණාගේ අසීමිත ප්‍රේමයේ හිමිකාරිය මන්දෝදරී❤️
https://roar.media/sinhala/main/features/story-of-ravana-wife-mandodari

ගීතය යනු නියතින්ම බහු කලා මාධ්‍යකි.පදරචනයට පමණක් කිසි විටක ගීතයක් බිහි කල නොහැකිය.මන්දෝදරී හට පෞද්ගලිකව තනි අයිතිවාසිකම් කියන්නට මට කිසිදු අයිතියක් නොමැති සේම මන්දෝදරී මේ වන විට පොදු අයිතිකරුවන් රැසකගේ වටිනාකමක් වී ඇති බව නිර්ලෝභීව පැවසිය යුතුය.යෞවනයේ සූක්ෂ්ම  සත්නාද ගවේශකයා වන තරිඳු දම්සර සහ අනාගත රෝමාන්තික හඩ පෞර්ෂ යුග්මයක් වන චාමර කරුණානායක සහ කේතකී සුරවීර මා අභිබවා  මන්දෝදරී වර්ණවත් කර ඇත.මන්දෝදරී නිශ්පාදන ව්‍යහුය තුළ පෙර නිශ්පාදයේ සිට පසු නිශ්පාදන ක්‍රියාවලිය දක්වා වාදනයෙන් තාක්ෂණික භාවිතයෙන් දායක වූ  සංජුල හිමාල,වෙනුර සචින්ත,අසිත සෙනවිරත්න සහ කවින් හර්ෂණ යන සියළු කලාකාමී හදවත් සෙනෙහසින් සිහිපත් කරමි.❤️
ඉතින් ඔහු පැමිණ ඇත.
සොදුරු ඇය හමුවට.
කාරණා පහදන්න.
යහපත් කලා නිර්මාණ වින්දනට රුචි විචාරශීලී සියළු රසික හිතවතුන්ට මන්දෝදරී ශ්‍රවණය කිරීමට සෙනෙහසින් ඇරයුම් කරමි.😍❤️🙏
ගීතය 🎧👇
ඔහු කිසිවෙකු ඉදිරියේ දණ නොනැමූ මහ ගජිදෙකු විය.
ඇය මදකිපුන ගජිදුන් රාගයේ අග්නි ජාලා ඉස
ප්‍රේමයේ හිම දියෙන් දමනය කළ
මදාරා කුසුම විය.💐
මන්දෝදරී ....
https://m.youtube.com/watch?feature=share&v=4d24_GHOivE
මන්දෝදරී ....
මා නුඹ මලක් සේ බිහි කර හමාරය
නුඹේ පෙති මා ඉතා සවිමත් කොට
නිමවා ඇත.
ගල් මුල් වැද මහා වැහි මැද
නුඹේ පෙති කිසිදිනක නොබිදෙන බව
හොද හැටි දනිමි.
තවකෙකු  මා බිහි කල නුඹ
අලංකෘතව වර්ණ ගන්වා
ඔප කර ඇත.
දැන් නුඹ සුන්දර කුසුමක්ව පිපී හමාරය .
ඉතින් දැන් නුඹ සුවද පැතිරිය යුතුයි දස අත.
අප නිහඩව නුඹ දෙස බලා සිටිමු.
ඒ සතුට නිම් ඉම් නැත.

✍️ හංසි සඳමාලි
(හංසිකා  සඳමාලි විජේසිංහ)

Comments

Post a Comment

Popular posts from this blog

මන්දෝදරී ( Mandodari Lyrics )