මන්දෝදරී ( Mandodari Lyrics )

ඔහු කිසිවෙකු ඉදිරියේ දණ නොනැමූ මහ ගජිදෙකු විය.
ඇය මදකිපුන ගජිදුන් රාගයේ අග්නි ජාලා ඉස
ප්‍රේමයේ හිම දියෙන් දමනය කළ
මදාරා කුසුම විය.💐

මන්දෝදරී ..❤️
https://youtu.be/4d24_GHOivE

කිමද රාවණා නුඹ නේන කාරණා
කන්කලු රාවණා වෙණ නද නෑසෙනා
හදවත පාරණා පැතිරෙන කාරණා
කදුලු බර වැඩී දෑසට රාවණා

කාරණා මන් කියන්නම්
පෑරෙනා හිත හදන්නම්
වේදනා පිස නිවන්නම්
රාවණා මා...
මන්දෝදරී .....

සක්වලින් පිට පවා රැව්දුන් අපේ ආදර අන්දරේ
ප්‍රේමයේ දෙවගන නුඹයි ගිරි මාලිගේ
මදාරා මල් අතර සැගවූ ප්‍රේම ආලක මණ්ඩපේ
මියෙන තුරු සොදුරුතම රතිගන
නුඹ තමා මන්දෝදරී

අදුරු කළුදිය පොකුණ සැගවුන
කටුක අමිහිරි බෝ රහස් ඇත
අතීතය සිත ගොළු කරයි මා ආදරී
ගැඹුරු සිතිවිලි අතර සැගවී
නුදුරු ලෝකයෙ සැගව යමු අපි
අතීතය හීනයක් නොව මන්දෝදරී ...

පදරචනය | හංසි සඳමාලි
සංගීතය | තරිඳු දම්සර
ගායනය | චාමර කරුණාරත්න
                  කේතකී සුරවීර


මන්දෝදරී ....
මා නුඹ මලක් සේ බිහි කර හමාරය
නුඹේ පෙති මා ඉතා සවිමත් කොට
නිමවා ඇත.
ගල් මුල් වැද මහා වැහි මැද
නුඹේ පෙති කිසිදිනක නොබිදෙන බව
හොද හැටි දනිමි.
තවකෙකු  මා බිහි කල නුඹ
අලංකෘතව වර්ණ ගන්වා
ඔප කර ඇත.
දැන් නුඹ සුන්දර කුසුමක්ව පිපී හමාරය .
ඉතින් දැන් නුඹ සුවද පැතිරිය යුතුයි දස අත.
අප නිහඩව නුඹ දෙස බලා සිටිමු.
ඒ සතුට නිම් ඉම් නැත.

✍️හංසි සඳමාලි 



Comments

Popular posts from this blog

මන්දෝදරී හැදුන හැටි.