Posts

සළඹ තීරුව -ලිපි අංක 01 ගමනක ඇරඹුම

"  වෙලාව උදෑසන හය පසු වී මිනිත්තු පහළොව යි." ගුවන්විදුලියේ සජීවී විකාශනයේ නිවේදිකාවගේ හඬ මගේ සූදානම ඉක්මන් කිරීමට උත්තේජන සලසයි. "පුතේ ඉක්මන් කරන්න..බස් එක යාවී" අතීතයේ පාසල් බස් රථයට දුවයන කාලයේ සිටම අම්මාගේ මුවින් කියවෙන සුපුරුදු වාග් ප්‍රකාශය අද වන තුරුම සක්‍රීය වෙමින් ඇත.අම්මාටත් තාත්තාටත් වැඳ නිවසින් පිටවූ මම ප්‍රධාන මාර්ගය කරා කඩිනමින් ගමන්ගන්නට වීමි.තාර ගැලවුණු පටු අතුරු මාර්ගයේ අඩි උස පාවහන් යුගලක් පලඳා ගමන් කිරීම සිතනා තරමේ පහසු කටයුත්තක් නොව.නමුත් කෙසේ හෝ මා මේ ගමන ඉක්මනින් නොවැටී යා යුතුය.පටු අතුරු  මාර්ගය අවසන කළු ගඟ හරහා වැටී ඇති පාලම මතින් සුපුරුදු පරිදි ගමන් කරනා මම නිසොල්මන්ව හෝ චන්ඩව ගලා බසින කළු ගඟ දෙස නිරායාසයෙන් බලමි. ඒත් සමගම ඈතින් කුඩාවට පෙනෙන සමනළ ගිරි ශිඛර හැම දිනකම මගේ ගමනට ආශිර්වාද කරයි. බස් නැවතුම්පොළ වෙත යාමට පෙර අතරමඟදී හමුවන විරාජමානව වැජඹෙන ප්‍රධාන මාර්ගය අයිනේ ඇති  තෙද පත්තිනි දේවාලය මග හැර යෑමට කිසි දිනක මට හිත් නොම දෙයි.පසුම්බියේ ඇති මාරු කාසි රැගෙන දේවාලයේ පිං කැටය සහිත ප්‍රධාන දොරටුව වෙත ගමන් කරන මට අඩවන්ව ඇරුණු දේවාල දොරටුවෙන් පත...
 https://www.star-clicks.com/portal/adrouter?iq=55278&id=6142

මන්දෝදරී හැදුන හැටි.

Image
රසාස්වාදන සංස්කෘතිය වෙනස් කළ මන්දෝදරී ගීතය හැදුනු හැටි. මන්දෝදරී  නිකරුනේ පෙල ගැසී ලියවුනු පද ගොන්නක එකතුවක් නොව.එය වසර ගණනක සිට සයිබර් අවකාශය පීරා සිදුකළ විද්යුත් සහ සාහිත්‍යමය පර්‍යෙශණයක එක් කුඩා සංශිප්තයක් පමණි. මෙම ගීතයේ සමස්තය ජනසෘතික මූලාශ්‍ර මූලිකව පරිකල්පනිකව නිර්මාණය කරන ලද්දක් වන අතර විවිධ ඓතිහාසික මත ධාරීන් අතර විවේචනයට ලක් විය හැකිය.නමුත් එහි කලාත්මක හරය ඉතා ගැඹුරු මෙන්ම ස්ත්‍රීවාදී සහ මනෝවිශ්ලේශණවාදී දුෂ්ඨියකින් යුතු වෙයි.සරලව පැවසීමේදී එය රාවණාගේ පීඩනයට පත් මනෝ චිත්තය මන්දෝදරී ඉදිරියේ විවරණය කිරීමකි. ආචාර්ය ගොඩකුඹුර ශූරීන් සඳහන් කරන පරිදි ‘ජනකතා’ පුරා විද්‍යාවේ ප්‍රධාන අංගයකි. රටක, පෙදෙසක හෝ ගමක වැසියන් අතර පවතින කතා අනුව ඇතැම් වැදගත් පුරාවෘත්ත සොයාගත හැකිය. මන්දෝදරී සහ රාවණ පිළිබඳව ඇති ඓතිහාසික සාක්ෂි සනාථ කිරීමට ප්‍රමාණවත් සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සුලභ නොවූව ද, රාවණ පුරාවත හා බැඳි බොහෝ ජනශ්‍රැතික මූලාශ්‍ර ලංකාව පුරා විවිධ ප්‍රදේශවල පැතිරී පවතී. මන්දෝදරී පිලිබඳව වැඩි විස්තර දැනගැනීමට මා විසින් roar media වෙත පළකරන ලද ලිපිය පරිශිලනය කරන්න.👇 රාවණාගේ ...

මන්දෝදරී ( Mandodari Lyrics )

Image
ඔහු කිසිවෙකු ඉදිරියේ දණ නොනැමූ මහ ගජිදෙකු විය. ඇය මදකිපුන ගජිදුන් රාගයේ අග්නි ජාලා ඉස ප්‍රේමයේ හිම දියෙන් දමනය කළ මදාරා කුසුම විය.💐 මන්දෝදරී ..❤️ https://youtu.be/4d24_GHOivE කිමද රාවණා නුඹ නේන කාරණා කන්කලු රාවණා වෙණ නද නෑසෙනා හදවත පාරණා පැතිරෙන කාරණා කදුලු බර වැඩී දෑසට රාවණා කාරණා මන් කියන්නම් පෑරෙනා හිත හදන්නම් වේදනා පිස නිවන්නම් රාවණා මා... මන්දෝදරී ..... සක්වලින් පිට පවා රැව්දුන් අපේ ආදර අන්දරේ ප්‍රේමයේ දෙවගන නුඹයි ගිරි මාලිගේ මදාරා මල් අතර සැගවූ ප්‍රේම ආලක මණ්ඩපේ මියෙන තුරු සොදුරුතම රතිගන නුඹ තමා මන්දෝදරී අදුරු කළුදිය පොකුණ සැගවුන කටුක අමිහිරි බෝ රහස් ඇත අතීතය සිත ගොළු කරයි මා ආදරී ගැඹුරු සිතිවිලි අතර සැගවී නුදුරු ලෝකයෙ සැගව යමු අපි අතීතය හීනයක් නොව මන්දෝදරී ... පදරචනය | හංසි සඳමාලි සංගීතය | තරිඳු දම්සර ගායනය | චාමර කරුණාරත්න                   කේතකී සුරවීර මන්දෝදරී .... මා නුඹ මලක් සේ බිහි කර හමාරය නුඹේ පෙති මා ඉතා සවිමත් කොට නිමවා ඇත. ගල් මුල් වැද මහා වැහි මැද නුඹේ පෙති කිසිදිනක නොබිදෙන බව හො...